Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සෙල්ෆි ගැසූ 18 ක් මරුට


2021-07-13 14913

 

ඉන්දියාවේ අකුණු සැර වැදීමෙන් 76 දෙනෙකු මිය ගොස් ඇත.

 

 

(හේමන්ත තුසිත කුමාර)


ඉන්දියාවේ  ජුනි සිට සැප්තැම්බර් කාලයේදී  මාරාන්තික අකුණු අනතුරු බහුලව දක්නට ලැබේ. වාර්ෂික මෝසම් සමයේ ආරම්භයත් සමගම අකුණු සැර වැදීමෙන් මියගිය 76 දෙනා අතර උතුරු ඉන්දියාවේ ඓතිහාසික බලකොටුවක් අසල සෙල්ෆි ගත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද වන බව නිලධාරීහු පවසති.

ජායිපූර් නගරයේ 12 වන සියවසේ ඉදිකරන ලද සුප්‍රසිද්ධ Amer කොටුව(Amber Fort) අසල නැරඹීම් කුළුණක සිට කුණාටුව නරඹමින් සිටි 12 දෙනෙකු ද ඇතුළුව රාජස්ථාන් ප්‍රාන්තයේ 23 දෙනෙකු මිය ගිය බව රාජ්‍ය ආපදා දෙපාර්තමේන්තු නිලධාරියෙක් පවසා ඇත. (පසුව අනාවරණය වුයේ නැරඹීම් කුළුණේ සිට මිය ගිය ගණන 18 ක් බවය.)

ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියෙකු වන සෞරබ් තිවාරි මහතා පැවසුවේ අකුණු සැර වදින විට 30 දෙනෙකු පමණ කුලුනු මත සිටි බවය. තුවාල ලැබූවන්ගෙන් සමහරෙකු සිහිසුන්ව සිටි බවත් තවත් සමහරු භීතියෙන් හා දැඩි වේදනාවෙන් එහා මෙහා දුවමින් සිටි බවත් ඔහු පැවසීය.

මියගිය අයගෙන් සමහරෙක් කුණාටුව අතරතුර සෙල්ෆි ගනිමින් සිටි බව නිලධාරීහු ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසූහ.

 

Advertiesment